එන පොට හොඳ නෑ / අමෙරිකානු තානාපති අංශ යුක්රේනයෙන් ඉවත් කරයි

යුක්‍රේනය තුළ පවතින අවදානම හමුවේ තම තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් කොටසකට හා ඔවුන්ගේ ඥාතීන්ට එරටින් පිටවන ලෙස අමෙරිකාව දැනුම් දී තිබෙනවා.

ඒ යුක්රේනය ආශ්‍රිතව මතුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

මේ වන විට 127,000 ක රුසියානු භට පිරිසක් යුක්රේනය ආශ්‍රිතව රදවා පවතින අතර ආක්‍රමණයක් හෝ බල පෙරළියක් සිදුවිය හැකි බව ඔත්තු සේවා පවසා තිබෙනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින අර්බුදය සමතයකට පත් කිරීමට විවිධ පාර්ශව ඉදිරිපත් වුවත් රුසියාව තම දැඩි මතයේම රැඳී සිටියි. යුක්‍රේනය නේටො සංවිධානයට එක්කර ගැනීමට රුසියාව විරෝධතාව පළ කරයි.

රුසියාව ඕනෑම මොහොතක යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක සිටින බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්ක් ප්‍රකාශ කරයි.

පුවත යවන්න