මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 25 කින් පමණ වර්ධනය වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා.
මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රධාන රෝහල් වලට අමතරව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන යොදාගන්නේදැයි අද තීරණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මෙරට ආසාදිතයන් ඉදිරියේ දී තවත් වර්ධනයවීමේ අවදානම මත මෙම පියවර ගෙන තිබෙනවා.