අමෙරිකාවේ, න්‍යෂ්ටික බලැති කාර්ල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මතට එෆ් 35 සී ලයිටින් 2 වර්ගයේ ප්‍රහාරක යානයක් කඩා වැටී තිබෙනවා.
ප්‍රහාරක යානය නෞකාව මතට ගොඩබෑමට යාමේ දී අනතුර සිදුවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ.
මෙහිදී නාවිකයන් 7 දෙනකු තුවාල ලබා තිබෙනවා.
අනතුරට පෙර යානයෙන් නියමුවා නික්මී තිබූ අතර ඔහු හෙළිකොප්ටර් යානයක් මගින් බේරාගෙන තිබුණා.
තුවාලකරුවන් අතරින් 3 දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බැවින් මැනිලා හී රෝහල් වෙත යොමුකළ බවයි අමෙරිකානු පැසිෆික් විධානය සදහන් කළේ.
දකුණු චීන මුහුදේ ඒකාබද්ධ ජපාන- අමෙරිකානු අභ්‍යාසයක් අතරතුරයි අනතුර සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධ සවිස්තර තොරතුරු පහත වීඩියෝවෙන්.