කොළඹ ජාතික රෝහලේ කොවිඩ් පරීක්ෂණ සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ (26) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බවත් රෝහලේ සෙසු අංශවලද ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති බවත් එම රෝහල් වෛද්‍යවරු පවසති.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය දිනකට ඇන්ටිජන් පරීක්ෂණ 70කට ආසන්න සංඛ්‍යාවක් කළද පසුගිය 25 පරීක්ෂණ කළ නොහැකිවූ නිසා රෝගීන් වාටුවට ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් වාට්ටු තුළද ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට පරීක්ෂණ කට්ටල නොමැති බවත් වෛද්‍යවරු පවසති.
ඩෙංගු ප්‍රතිදේහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් එම පරීක්ෂණද අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු වැඩි දුරටත් පවසති.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ කුමාර වික්‍රමසිංහ මේ පිළිබඳව ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශයෙන් එම කට්ටල ඇනවුම් කර ඇති බවත්ය.
ඇන්ටිජන් කට්ටල නොමැති වීමෙන් ඉයේ දිනයේ පරීක්ෂණ අඩු ප්‍රමාණයක් කළ බවත් එම කට්ටල නොලැබුණු හොත් ගැටලුකාරී තත්වයක් ඇති වන බවත් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ කුමාර වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.