සමාජයේ කොරෝනා ව්‍යාප්තිය වඩාත් අවදානම් මට්ටමකට ළගාවී ඇති බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ,ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
මෙය අඛණ්ඩව වර්ධනය වුවහොත් වඩාත් භයානක තත්ත්වයක් මතුවීමේ හැකියාවක් පවතින බවයි , වෛද්‍ය ,ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ.
මේ වන විට ජනතාවට සෞඛ්‍ය නීති අමතකවී ඇති අතර, විශේෂයෙන් මංගල උත්සවය ඇතුළු විවිධ උත්සව සඳහා ලබාදුන් නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන තත්වයක් නොපෙනෙන බවද ඔහු පැවසුවා.
මංගල උත්සව ඇතුළු විවිධ උත්සව සඳහා පමණ ඉක්මවා පිරිස් සහභාගිවීම අවදානම වර්ධනය කර තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි විශ්වාස කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව මේ අවස්ථාවේදී තෙවැනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීමද ඉතා වැදගත් බව සඳහන් කළා.
කොළඹ බෝවන රෝග විද්‍යායතනයද කොවිඩ් රෝගීන්ගෙන් මේ වන විට පිරී ගොස් තිබෙනවා.