තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවයි.
අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369ක්.
ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරයි.