කටාර් හී දී සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයකු මරුට

කටාර් හී දෝහා නගරයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව තිබෙනවා.
මෙසේ මියගිය පුද්ගලයා ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කටාර් ජාතික තරුණයෙකු බවත්, ඔහු කාන්තාවක් සමඟින් එම පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළද ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීම නිසා ආරක්ෂකයා විසින් ඇතුල්වීම ප්‍රතික්ෂේප කළ බවත් හෙළිවි තිබෙනවා.
සිද්ධියේ දී තවත් ආරක්ෂකයකුට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතර ඔහු තුවාල ලබා තිබුණා.
වෙඩිතැබීම සිදුකළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.මියගිය ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ආධාර කිරීම සදහා එම නිවාස සංකීරණයේ පදිංචිකරුවන් මුදල් ආධාර රැස් කරමින් පවතින බවයි දෝහා නිව්ස් වාර්තා කළේ.

ඔහු සිය වසර 3ක සේවා කාලය නිමා කර මෙම වසරේ යළි මෙරටට පැමිණීමට නියමිතව සිටි බවද හෙළිකර තිබෙනවා.

 

පුවත යවන්න