කොරෝනා ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර වැඩසටහනට එක්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නිවෙස්ගත රෝගී සත්කාර සේවා වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවේ, ඊට එක්වූ වාර්තාගත රෝගීන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වූ බවයි.
මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 608,065 දක්වා ඉහළ ගියේ ය.
ඒ නව ආසාදිතයින් 961 ක් ඊයේ (28) මෙරටින් හඳුනා ගැනීමත් සමගයි.
කොරෝනා ආසාදිත මරණ 17 ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග සමත් මරණ සංඛ්‍යාව 15,386 දක්වා ඉහළ ගියේ ය.
කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 577,314 කි.