ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ගැසූ දෙදෙනකු කොටුවෙයි / ආ හැටි වමාරයි

ජාතික ජන බලවේගයේ අද (30) පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනකු සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ.

පොලිසිය අත්අඩංගුවට පත් දෙදෙනා සියලු කරුණු පාපොච්රනය කර ඇත.

වාර්තාවන ආකාරයට එම ප්‍රකාශ මගින් සදහන් කර ඇත්තේ , ඔවුන් මෙලෙස එවා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් බවයි. එමෙන්ම මොවුන්ගේ ජංගම දුරකථවලින් හමු වී ඇති ඡායාරූප අනුව ඔවුන් ඇවන්ගාඩ් ආයතනයට අනුබද්ද ආරක්ෂක සේවාවන් හි නිරතව සිටින බවද ඔවුන් විශ්‍රාමික හමුදා සාමාජිකයන් බවද අනාවරණ කර තිබෙනවා.

මෙලෙස ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාර එල්ල කිරීම සඳහා එක් අයෙකුට රුපියල් 5000ක මුදලක් ලබා දුන් බවද මෙහිදී ඔවුන් පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා වේ. එමෙන්ම පසුගිය 19වනදා මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා පැවැත්වූ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි විකිනීම ඇතුළු ජනතා දේපල විකිණීමට එරෙහිව පැවති විරෝධතා පාගමණට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමටද පැමිණ ඇත්තේ මෙම පිරිසම බවද ඔවුන් එහිදී පිළිගෙන ඇත.

NPP ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ප්‍රසන්නගේ මැරයින් අත්අඩංගුවට… ඇවන්ගාඩ් සම්බන්ධයකුත් වමාරයි…

පුවත යවන්න