සිර දඩුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතා පෙබරවාරි 4 වනදා නිදහස් කරන බවට මේ දක්වා තොරතුරු නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුවේ ප්රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ , නිදහස් දිනයේදී නිදහස් කරන සිරකරුවන්ගේ ලැයිස්තුව බ්රහස්පතින්දා වන විට අවසන් කිරීමට නියමිත අතර රාමනායක මහතා නිදහස් කිරීම පිළිබඳව මේ දක්වා එවන් තොරතුරක් නොපවතින බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා පැවසුවේ ලබන සිකුරාදා දිනයේ රාමනායක මහතා නිදහස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා කියා සිටියේ රාමනායක මහතා ඉක්මනින් නිදහස් කරන බවට බලධාරීන් සහතික වී ඇති නමුත් එම දිනය 2022 පෙබරවාරි 4 වෙනිදා නොවන බවයි.