justify;”>කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.
ජනවාරියේ උද්ධමනය තවදුරටත් ඉහළට
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2දක්වා ඉහළ ගියේය.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ කෙහෙිම අයිතමවල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතුවිය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1 හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2 දක්වා ඉහළ ගියේය.
2022 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.43ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින් සියයට 1.15කින් සහ සියයට 1.28 කින් ඉහළ යෑම් මේ සඳහා හේතු විය.
ඒ අනුව 2022 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩය තුළ සහල්, නැවුම් පලතුරු, කිරිපිටි සහ පාන් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, බස්ගාස්තු), නිවාස ජලය, විදුලිය ගෑස් සහ අනෙකුත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/ පිළිසකර කිරීම්), අධ්‍යාපනය (උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2022 ජනවාරි මාසයේ දී ඉහළ ගියේය.
තවද වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 8.3 හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.4හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය.