අමෙරිකාව තම රට යුද්ධයකට ඈදා ගැනීමට උත්සාහ කරන බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කරනවා.
හට ගෙන ඇති යුක්රේන රුසියා මතභේද සම්බන්ධයෙන් සති කිහිපයට පසු පළමු වරට අදහස් දක්වමිනුයි රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ. අමෙරිකාව ප්රමුඛ නේටෝ සංවිධානය යුක්රේනයට යුද ආධාර ලබාදීම තුළින් රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් සිදුව ඇති බව ද ඔහු පවසනවා. තමාට යුක්රේනය ආක්රමණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බවයි ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරන්නේ. කෙසේවුවද රුසියා හමුදාවට අයත් ලක්ෂයක පමණ සෙබලුන් පිරිසක් දේශසීමාව අසල සේවයට යොදවා ඇති බවයි බටහිර රටවල් චෝදනා කරන්නේ. එමෙන්ම රුසියාව යුක්රේනය ආක්රමණය කළහොත් එය යුක්රේන රුසියා යුද්ධයක් පමණක් නොව යුරෝපයේ යුද්ධයක් බවට පරිවර්තනය වන බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා.