එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් අවකාශයට ළගාවූ ඩ්‍රෝන යානා තුනක් විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ජනාකීර්ණ ප්‍රදේශයකට ඉහළ අහසේ දී මෙම ඩ්‍රෝන යානා වනසා දැමූ බවයි එමගින් තහවුරු කළේ.
ඩ්‍රෝන යානා කවරකු විසින් යොමුකළේද යන්න පිළිබද හෙළිව නොමැති අතර යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරලිකරුවන් එහි වගකීම භාරගෙන නොමැති බවද හෙළිකර තිබුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2015 වසරේ සිට හූතිවරුන් සමඟ යුද්ධයක පැටලී සිටින අරාබි සන්ධානයේ සාමාජිකයෙකු වන අතර යේමනයේ වැඩි කොටසක් පාලනය කරන හූති කණ්ඩායම්වලට එරෙහිව අඛණ්ඩව කටයුතු කරමින් පවතිනවා.
මෙම ඩ්‍රෝන යානා එමීර් අවකාශය වෙත ළගාවී තිබුණේ සති 3ක් තුල මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුවයි.