රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට තවත් 3 දෙනකු අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ හටගත් සිද්ධිය සම්බන්ධයෙන් එහි සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.
රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම පිරිසක් කඩාවැදුණු පිරිසක් පහරදීමක් සිදුකළ බවයි අනාවරණ වුණේ.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පුවත යවන්න