රථවාහන වරදකට උසාවි දැමූ පොලිස් නිලධාරියෙකුට පොරෝ පහරක්

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නිරතවූ අම්බලන්තොට පොලිස් සථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයකු විසින් කුඩා අත් පොරවකින් පහර දී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි පොලිසිය සදහන් කළේ.
පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිසිය භාරයට ගෙන රෝහල් ගත කර තිබුණා.
අනතුරුව සැකකරු ද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
බීමතින් රිය පැදවීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව පොලිස් නිලධාරියා නඩු පවරා තිබූ අතර එයට පලිගැනීමක් ලෙස පොලිස් කොස්තාපල් වරයාගේ උර හිසට පහලින් අත් පොරවෙන් පහර දී තිබුණා.
සිද්ධිය අවස්ථාවේදී තවත් නිළධාරියෙක්ද එම ස්ථානයේ රාජකාරියේ නියැලී සිට තිබූ බවද පොලිසිය සදහන් කළා.

පුවත යවන්න