අද ආසාදිතයන් 1,282 ක් හා කොරෝනා මරණ 28 ක්

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,287ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 617,189ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවත් කොරෝනා මරණ 28ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ තහවුරු කළ බවයි.
එම මරණ අතර අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 2ක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,572ක්.

පුවත යවන්න