ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් පසු අභියාචනාධිකරණය හලාවත මහාධිකරණය වෙත මෙම නියෝග නිකුත් කළා.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය කරනු ලැබුවේ.
එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නීතිඥ හිජාස් ඉස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.