ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය පුෂ්පිකා ද සිල්වාගෙන් වහාම ක්‍රියාත්මක වන පරිදී ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කමිටුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව පුෂ්පිකා ද සිල්වාට විවාහක රූ රැජිණ නාමය අද සිට දේශීයව හෝ ජාත්‍යන්තරව භාවිත කළ නොහැකි වනවා.
පසුගිය වසරේ අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ දී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමත් සමග අර්බුධකාරී තත්ත්වයක් ඇතිවුණා. කෙසේ වෙතත් ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර පැවති ලෝක විවාහක රූ රැජිණ තරගය සදහා සහභාගී වීමට පුෂ්පිකාට අවස්ථාව හිමිවූ අතර එහි අවසන් 6 දෙනා අතරට පැමිණීමට ද ඇයට හැකිවුණා. එම තරගයෙන් 4 වන ස්ථානය හිමිකර ගැනීමට හැකිවූ බව පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලිය සංවිධායකයන්ට ද ඇය චෝදනා එල්ලකර තිබුණා. ඒ අනුවයි ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා ද සිල්වාගෙන් නිල වශයෙන් ඉවත් කරන බවට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධායක කමිටුවේ අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ අද නිවේදනය කළේ.