අත්බෝම්බ සිද්ධියට ඇල්ලූ දේවස්ථාන සේවකයා නිදහස්

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුල ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළා.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන පුද්ගලයායි.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දි තිබෙනවා.

පුවත යවන්න