අයි පී එල් ක්රීඩක වෙන්දේසිය තුලදී තවත් ලාංකීය ක්රීඩකයන් දෙදෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව භානුක රාජපක්ෂ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කින්ග්ස් පිල විසින් හිමිකරගත් අතර චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් හිමිකර ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.
මීට පෙර වනිදු හසරංග / දුෂ්මන්ත චමීර හා මහීෂ් තීක්ෂණ ද අයි පී එල් කණ්ඩායම් විසින් හිමිකරගනු ලැබුවා.