ලෝක වෙළදපලේ බොරතෙල් මිල ගණන් වාර්තාගත මට්ටමකට ළගාවිය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
රුසියාව ලෝකයේ තුන්වන විශාලතම ඛනිජ තෙල් සහ අනෙකුත් ද්‍රව ඉන්ධන නිෂ්පාදකයා වන අතර එරටට එරෙහි සම්බාධක නිසැකවම තෙල් මිල තවත් ඉහළ යාමට බලපාන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
ආසියා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ වෙළඳ විශ්ලේෂක ජෙෆ්රි හැලී, පැවසුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ක් ඉක්මවා යාම වැලැක්විය නොහැකි බවයි.
යුක්රේනයට එරෙහි රුසියානු හමුදා මැදිහත්වීමක් ආසියාවේ දුරදිග යන ආර්ථික ප්‍රතිවිපාක මතු කරන බවද පෙන්වා දී තිබුණා.
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි ග්‍රිෆිත් ඒෂියා ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉයන් හෝල් පැවසුවේ ලෝකයේ තුන්වන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාව විශාල ආර්ථික කම්පනයකට ගොදුරු විය හැකි රටවල් අතර වනු ඇති බවයි.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ආර්ථික බලපෑම සැලකිය යුතු විය හැකි බවට කනස්සල්ල පළ කළ අතර බලශක්ති සැපයුම්, ධාන්‍ය සහ අමුද්‍රව්‍යවලට බාධා කිරීම් සීමා කිරීම සහතික කිරීමට තම රජය ඉක්මනින් ක්‍රියා කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.
එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් රුසියානු ගෑස් සඳහා සම්බාධක පැනවීම, ලොව විශාලතම තෙල් ආනයනකරු සහ සිව්වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන චීනයට වාසිදායක වෙළඳ වාතාවරණයක් නිර්මාණය කළ හැකි බවයි පෙන්වා දී ඇත්තේ.
යුද්ධයේ තීව්රවන තර්ජනය මධ්‍යයේ අඟහරුවාදා ආසියාව පුරා වෙලඳපොලවල් කඩා වැටීමක් සිදුවූ අතර එය ආසියාවේ නොදියුණු රටවල් කම්පනයකට පත්කර තිබෙනවා.
මේ අතර අද දිනයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 සීමාව ද ඉක්මවා ගියා.
නැගෙනහිර යුක්රේනයේ වෙන්වී ගිය ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන රුසියානු හමුදාව එහි සාම සාධක කටයුතු සදහා යොදවන බව රුසියාව දැනුම්දීමෙන් පසුවයි මෙම අර්බුධකාරී තත්ත්වය මතුව ඇත්තේ. – අමල් අල්මේදා