ගැටුම් අතරතුර රුසියානු යුක්රේන සාකච්ජාවක් හෙට

යුක්රේනය හා රුසියාව අතර විශේෂ සාම සාකච්ජාවක් හෙට දිනයේ දී පැවැත්වීමට එකඟතාවය පල කර තිබෙනවා.
ඒ අනුව යුක්රේන බෙලරුසියානු දේශසීමාවේ දී මෙම සාම සාකච්ජාව ක්‍රියාත්මක වන බවයි යුක්රේන රජය නිවේදනය කළේ.
යුක්රේනය යටත්වීමට සූදානම් නොමැති අතර සාධාරණ කොන්දේසි පිළිබද සාකච්ජා ක්‍රියාත්මක කරන බවද යුක්රේනය දැනුම්දී තිබෙනවා.
මෙය ගැටුම් නවතා දැමීම පිළි්බද සුබවාදී අපේක්ෂා ජනිත කරන්නක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් රුසියාව අපේක්ෂා කරන නිරායුධකරණය හා නේටෝවට සම්බන්ධ නොවීමේ කොන්දේසි සදහා යුක්රේනය එකඟ නොවනු ඇති බවටද උපකල්පනය කර තිබෙනවා.

පුවත යවන්න