කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,339 ක් බවට පත්වනවා.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 6 දෙනකු, අවුරුදු 20 ත් 59 ත් අතර එක් අයකු සහ අවුරුදු 30ට අඩු අයකු ද වනවා.
එමෙන්ම පිරිමි අය 5 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු මියගිය පිරිසට ඇතුළත්.