ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළට

ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළ නංවා ඇතැයි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගුවන් සමාගම් එම තීරණය ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙතෙක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203. 60 අගයක පැවතුණ අතර එය මේ වන විට රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න