සිපෙට්කෝ පිරවුම් හල් ආරක්ෂාවට හමුදා සාමාජිකයන්

ඉන්ධන බෙදීමේ කටයුතු අධීක්ෂණය සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වෙත හමුදා සාමජිකයන් යෙදවූ බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද උදෑසන පැවසුවේ, ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාව හා එහි සේවකයින් සඳහා ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව පොලීසිය ද දැනුවත් කර ඇති බවයි.

පුවත යවන්න