උත්සව සමයේ කොරෝනා අමතක නොකරන්න / ජනතාවට පණිවිඩයක්

උත්සව සමයේ අනවශ්‍ය ඒකරාශීවීම් සීමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දී තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවයි.
මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අවම වීම සමග ජනතාව ඒ පිළිබද නොතකා හරින තත්ත්වයක් වාර්තාවන අතර , මෙය වඩාත් අවදානම් මට්ටමක් බවට පත්විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.

පුවත යවන්න