අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අදාළ කරුණ පාර්ශව දෙකක් විසින් තහවුරු කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
2020 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන සඳහා ගෙවීම් සිදු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව ත් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩහැර ඇති අතර එබැවින් රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් පවතින බවත්අද එහි අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 300ට ආසන්නව ඇති බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා පෙන්වාදෙයි.