බුද්ධි තොරතුරු අනුව ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.
ව්‍යවස්ථානුකුලව මහජනතාවට සාමකාමිව සිය විරෝධය පල කිරීමට ඇති අයිතියට ගරු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් රජයේ දේපොළ සහ පොදු දේපොළවලට හානිවන ආකාරයට ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර පැවසුවා.