මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන්ම විවේචන එල්ලවී තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන ට්විටර් හි සටහනක් තබමින් පවසන්නේ තමාද මේ වනවිට වීපීඑන් භාවිත කර අන්තර්ජාලයට පිවිසෙන බවයි.
මෙවැනි සමාජ මාධ්‍ය තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම ඵල රහිත බව ද එහු සදහන් කළා.
මේ අතර ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද සිය සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තීරණය අඥාන එකක් බව පවසා තිබෙනවා.
ඔහු සදහන් කළේ මෙය ආණ්ඩුව ගනු ලැබූ වැරදි තීරණයක් බවයි.