අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවට ජනපති / අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර – විමල්

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ පවසනවා.

විමල් වීරවංශ අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස්  සමග ජනාධිපති සහ අගමැති හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

 

පුවත යවන්න