ජනතාව විසින් සියළුම දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීම හමුවේ සමස්ථ දේශපාලන ක්රමයම තර්ජනයකට ලක්ව ඇති බව , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද ඉන්දිය ප්රවෘත්ති නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
WION රූපවාහිනි නාලිකාවේ නිවේදිකාව – ජනතාව උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට වූ සිදුවීමත් සමග ඔබ හිතනවාද ඔවුන් සාමකාමි වෙයි කියලා?
“මම හිතන්නේ උද්ඝෝෂණ ඉදිරියටම යයි. ජනතාව තවදුරටත් මහ මඟ සිීටී. ඔවුන් ආණ්ඩුව අභියෝගයට ලක්කරයි. දේශපාලන පක්ෂ, ආණ්ඩුව සහ සංවිධානාත්මක සිවිල් කණ්ඩායම මතයි රටේ පාලන බලය රැඳී තිබුණේ. නමුත් දැන් ඔවුන්ගෙන් බලය ගිලිහී ගොස් තිබෙනවා. අසංවිධානාත්මක කණ්ඩායම් තමයි විරෝධතා එළියට ගෙනියන්නේ. ඔවුන් කියනවා දේශපාලනඥයන් අවශ්‍ය නැහැ කියලා. අපි දන්නේ නෑ ඊළඟ පියවර මොකද්ද කියලා. මොකද සමස්ත දේශපාලන ක්රමයම තර්ජනයකට ලක්ව තිබෙනවා.”