පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සමඟ තමන් වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සමඟ තමන් වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමඟ තමන් වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස නියෝජනය කිරීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
මේ සමග මන්ත්‍රීවරුන් 42 නකු ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.