නිශ්ශංක සේනාධිපති රටින් පැන ගියා / ඉන්ටපෝල් හරහා අත්අඩංගුවට ගන්න – විජිත හේරත් ඉල්ලයි

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අද අලුයම 3.30ට රටින් පැන ගිය බවත් වංචා දූෂණ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මහජන මුදල් කොල්ලකෑ පුද්ගලයන් රටින් පලා යාම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළ පවා වසා දමන ලෙසත්, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නීතිය අනුව කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෙත්සමක් මගින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පුවත යවන්න