පාර්ලිමේන්තුව අසලදී සෙබළුන් පිරිසකට බාධා කළැයි පොලිස් නිලධාරීන්ට එරෙහි විමර්ශනයක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් අතරතුරදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

මෙහිදී පාර්ලිමේන්තු සංකීරණය දෙසට පැමිණි හමුදාවේ සෙබළුන් සිව් දෙනකුගේ කණ්ඩායමකට එරෙහිව පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සදාචාර විරෝධී’ හැසිරීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සදහන්.

යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත යුද හමුදා රයිඩර්ස් කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ග පිවිසුම වෙත පැමිණි බවද දැනුම්දී තිබෙනවා.

ලියාපදිංචි නොකළ අංක තහඩු සහිත යතුරු පැදි භාවිත කරමින් මෙම සෙබළුන් එම ස්ථානයට ළගාවී තිබූ අතර පොලිස් නිලධාරීන් එහිදී ඔවුන් පරීක්ෂාවට ලක් කර තිබුණා.

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ද සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති අතර එම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලීමක් සිදුකර තිබුණා.

පුවත යවන්න