ලංකාවේ රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ලෙස නම් කරයි

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව  බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව වාර්තා කර තිබෙනවා.

රටේ පාලනයට දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස  අව ප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි  ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සදහන් කළා.

රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබෙනවා.

පුවත යවන්න