ලංකාවට යන්නේ බලාගෙනයි / අමෙරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයන් සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අගවමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර හිඟයකට මුහුණ දෙන බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්ධන පිරවුම්හල්, වෙළඳසැල් සහ ෆාමසිවල පෝලිම් සම්බන්ධයෙන් විරෝධතා පවා හට ගන්නා බවයි.

ශ්‍රී ලංකාව පුරා දෛනිකව කල්තියා සැලැසුම් කළ ආකාරයට මෙන්ම සැලැසුම් නොකළ ආකාරයට ද විදුලි කප්පාදු සිදුවිය හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

පුවත යවන්න