ඖෂධ හිඟය නවතන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මේ වන විට වර්ධනය වෙමින් පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සහාය ඉල්ලා ඇති බව වාර්තාවනවා.
දැනට ඖෂධ වර්ග 40ක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක හිඟයක් පවතින බවයි ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අනාවරණ කළේ.
මෙරට රෝහල්වලට ඖෂධ වර්ග 1,325ක් සපයනු ලබන අතර ඉන් ඖෂධ වර්ග 400ක් අත්‍යාවශ්‍ය ඖෂධ වනවා.
ඒ අතරින් 10ක් ජීවිතාරක්ෂක ඖෂධ ලෙසයි නම් කර ඇත්තේ.
හෘදයේ රුධිර කැටි ගැසීම වළක්වන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් ඇතුළුව ඖෂධ වර්ග 40ක හිඟයක් මේ වනවිට රට තුල පවතින අතර එය වලක්වා ගැනීම සඳහායි ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර ඇත්තේ.

පුවත යවන්න