අර්බුධයේදී වගකීමෙන් වැඩ කරන්න / නීතීඥ සංගමය ජනපතිගෙන් හා දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මතුව පවතින අර්බුධකාරී තත්ත්වයට වහා විසදුම් නොයෙදුවහොත් රට තුල බරපතල අර්බුධයක් මතුවිය හැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ ආහාර හිඟයක් ඇතුළු අවදානම් මෙරට ඉදිරියේ මතුවීමේ අවදානමක් පවතින බවයි.
රටට අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ රැසකට මේ වන විට අමාත්‍යවරුන් පත්කර නොමැති අතර , එය අස්ථාවර තත්ත්වය වර්ධනය කරන බවද පෙන්වා දී තිබුණා.
මේ මොහොතේදී රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් ලෙස ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා , ආණ්ඩු පක්ෂය හා විපක්ෂයෙන් ද ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කළේ.

පුවත යවන්න