පසුගිය 31 වැනිදා මිරිහාන ප්‍රදේශයේදී කළහකාරිව හැසිරෙමින් පොදු දේපොළවලට හානි කරමින්, බස් රථ දෙකකට ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව, එම අවස්ථාවේදී ලබා ගත් CCTV දර්ශන ඇසුරෙන් බස් රථ ගිනිතැබූ පුද්ගලයෙකුගේ රුවට සමාන පරිදි අඳින සිතුවමට සමාන වූ යම් පුද්ගලයෙකු ගැන තොරතුරක් වෙතොත් , ඒ සම්බන්ධයෙන් තොරතුරු පහත සඳහන් දුරකතන අංක වෙත ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) ජනතාවගෙන් ඉල්ලා සිටී.
විමර්ශන භාර පොලිස් අධිකාරි – 071-8591755
ස්ථානාධිපති , ඩිජිටල් වෝහාරික අංශය – 071-8594929
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011-2444265