පසුගිය මාස දෙක තුළ දේශීය සහ ආනයනික අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් උත්සව සමයේ ගිනිකෙළි නිෂ්පාදනවල මිල 60% කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය (AIFA) පවසනවා.
අමුද්‍රව්‍යවල උග්‍ර හිඟය නිසා කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ද පවතින බවයි සංගමය සදහන් කළේ.
රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා විශාල කඩදාසි හිඟයක් පවතින අතර කඩදාසි මිල 300% කින් ඉහළ ගොස් තිබෙනවා.
“දැනටමත් රටේ පවතින අමුද්‍රව්‍ය 50% කින් වැඩිකර තිබෙනවා.” ඇතැම් වෙළෙන්දන් අමුද්‍රව්‍ය ආනයනය කර 50% ක වැඩිවීමක් සහිතව වෙළෙඳපොළට නිකුත් කරනවා,”
ඒ නිසා රතිඤ්ඤා නිෂ්පාදන වියදම වැඩි කරන්න වෙනවා.
රතිඤ්ඤා ඉතා දුෂ්කරතා මධ්‍යයේ නිෂ්පාදනය කළද ඒවා අපේක්ෂිත අවම ලාභයකට හෝ අලෙවි කළ හැකිද යන්න සැක සහිතයි.
රතිඤ්ඤා මිල ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස උත්සව සමය තුළ අලෙවියේ පහත වැටීමක් සිදුවිය හැකි බව එම සංගමය සදහන් කළා.