ගාලු මුවදොර නොනවතින අරගලය 3 වන දිනටත්

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බලකරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගය මේ වන විටත් පැවැත්වේ.

විරෝධතාකරුවන් මෙලෙස විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතවෙමින් රැය පහන් කරනු ලබන්නේ දෙවන දිනටද වීම විශේෂත්වයකි.

පසුගිය සෙනසුරාදා උදෑසන 9ට පමණ ආරම්භ වු විරෝධතා ක්‍රියාමාර්ගයට මේ වන විට පැය 48කට වැඩි කාලයක් ගත වී තිබේ.

කෙසේවෙතත් ඇදහැලුණු වර්ෂාව ද නොතකා විරෝධතාකරුවන් විරෝධතාවේ නිරතව සිටින අතර ඔවුන් ඊයේ (10) දිනයේ දි ගාලුමුවදොර පිටියේ කුඩාරම් ගසා එහි රැඳී සිටිනු දක්නට ලැබුණි.

එම පාගමන හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් දිවෙන මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

විරෝධතාවයට එක්වු පිරිස සඳහා ආහාර පාන ලබාදීමට ඇතැම් පිරිස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටින අතර එම ස්ථානයේ එක්රැස්ව තිබු කසල ඉවත් කර ගැනීමට ද විරෝධතාකරුවන් පියවර ගෙන තිබු ආකාරය ද දක්නට ලැබුණි.

පුවත යවන්න