ඉන්ධන ඉල්ලා, මාතර – කොළඹ මාර්ගය ගාල්ල සමුද්‍ර මාර්ගයෙන් අවහිර කරයි

කඩිනමින් ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාතර – කොළඹ මාර්ගය ගාල්ල සමුද්‍ර මාර්ගයෙන් අවහිර කර උද්ඝෝෂණයක නිරත වීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වි ඇත.

ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ සිට සිටි පිරිස් ඉන්ධන නොලැබීම නිසා මෙම පිරිස විරෝධතාවයේ යෙදි සිටිති.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගැනීමට නියමිත වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.

පුවත යවන්න