ණය බරින් මිරිකෙන ලංකාවට උපරිම සහාය දෙනවා / චීනය

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට තමන් උපරිමයෙන් කටයුතු කරන බව චීනය යළි අවධාරණය කර තිබෙනවා.

වත්මන් අර්බුදය මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මූල්‍ය ආධාර ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ ,චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම සහාය ලබාදෙන බවයි.

“චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ සිට දෙරට එකිනෙකාට අන්‍යෝන්‍ය සහයෝගය ලබාදී තිබෙනවා.” 

“ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා චීනය උපරිමයෙන් සහාය ලබා දී ඇති අතර අපි ඉදිරියටත් එය කරන්නෙමු,”

පුවත යවන්න