ගාළු මුවදොර අරගලය 5 වන දිනටත්

එක අරමුණක් වෙනුවෙන් පැමිණි ජනතාව ජනාධිපති කාර්යාලය අසල පවත්වන විරෝධතාවයේ 5 වන දිනය අදයි.

මෙම පිරිස ඊයේ රාත්‍රියේත් රැය පහන් කළේ, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේදීයි.

විරෝධතා භුමියේ රැදි සිටි පුද්ගලයෙකු රෝගිවීම හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කිරීමට පියවර ගැනිණ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු විරෝධතාකරුවන්ට ආහාර පාන ,ඖෂධ, සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් අද දිනයේත් සහය දක්වන අයුරු දැකගත හැකිවිය.

පුවත යවන්න