අසත්‍ය සහ නොමග යවන තොරතුරු සහිත මාධ්‍ය වාර්තා කෙරෙහි සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව අපකීර්තියට පත්කෙරෙන කිසිදු පදනමකින් තොර වැරදි තොරතුරු සමාජ ගතකිරීමේ ව්‍යාපාරයන් ක්‍රියාත්මක වන බව පෙනී ගොස් ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ. හමුදා නිලධාරීන් හිංසාකාරී ක්‍රියා සදහා යොමු කිරීමට පුහුණුව ලබා දෙමින් තිබෙන බවට ඇතැම් පුද්ගලයන් වැරදි තොරතුරු සමාජගත කර තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කිසිදු හමුදා නිලධාරියෙකු රටතුළ පවතින ආතතිකාරී තත්ත්වයන්ට සම්බන්ධ වී නොමැති බවයි. මෙම වැරදි තොරතුරු වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වෙමින් තිබෙනවා. සාමාන්‍ය පරිදී හමුදා පුහුණුවීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර කිසිදු විශේෂිත පුහුණුවක් ලබාදීම සිදු නොවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.