රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා පැවසුවේ, එහි නිලධාරින් පිරිසක් ඊයේ (19) රාත්‍රීයේම කෑගල්ල පොලිස් ස්ථානය වෙත සහ රඹුක්කන ප්‍රදේශයට පිටත්කර යැවූ බවයි.
“විශේෂයෙන්ම සිදුවී ඇති අවාසනාවන්ත තත්ත්වය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මේ වෙනකොට කෑගල්ලේ සිද්ධිය වුණ ස්ථානය වෙත අපේ නියෝජිතයින් ගොස් සිටිනවා. දැනට ලැබුණු තොරතුරු මත මෙම සිද්ධිය සිදුවෙලා තියෙන්නේ උද්ඝෝෂණයට සම්බන්ධ කාරණයක් නොවෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් මේක වෙලා තියෙන්නේ තෙල් බවුසරයක් ඇවිත් තෙල් ලබා නොදීම නිසා ජනතාව කැලඹීමකට පත්වෙලා ඒ සම්බන්ධයෙත් ඇතිවුණ සිද්ධියක් කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් ඒ පිළිබඳව සත්‍ය තොරුතුරු ලබාගන්න වෙන්නේ අපේ විමර්ශන නිලධාරීන් මේ මොහොතේ කෑගල්ල එම සිද්ධිය වුණ ස්ථානයට සහ පොලීසියට ගිහිල්ලා ඒ වාර්තා ලබාගන්නවා.”