සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මුෂාරෆ් ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීරණය ඉවත් කර ගෙන ඒ වෙනුවට අමාත්‍ය ධූරයක් භාරගෙන තිබෙනවා.
අප්‍රේල් මාසයේ මුල් භාගය තුල තමන් ස්වාධීනව කටයුතු කරන බව ඔහු පාර්ලිමේන්තුවට දන්වා තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් පවසන්නේ තමන් පේෂකර්ම කර්මාන්ත සහ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි.
ඔහු අද ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කළ ලයිස්තුවේ මෙම මන්ත්‍රීවරයාගේ නම දක්වා නොමැති අතර පත් කිරීම රහසිගතව සිදුකර ඇති බවටද වාර්තාවනවා.