ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25 වනදා දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීමට නොහැකි වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ලිට්රෝ සමාගම පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට සැපයීම අත්හිටුවා තිබුණා.
ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් යාත්‍රා දෙකක් මේ මස 25 සහ 26 දෙදින තුළ දිවයිනට පැමිණෙන අතර ඉන් අනතුරුව බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ලිට්රෝ ආයතනයේ නිලධාරියෙකු අනාවරණ කළා.
කෙසේ වෙතත්, කර්මාන්ත ශාලා, රෝහල් සහ ආදාහනාගාර වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවයි ලිට්රෝ සමාගම ප්‍රකාශ කළේ.