හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පළායෑමට සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතීඥවරු පිරිසක් පෙන්වා දී තිබෙනවා.
දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවී ඇති පිරිස් එලෙස පළායෑමට කටයුතු කරනු ඇතැයි එම නීතිඥවරුන් පඅවධාරණය කළා.
ඒ හේතුවෙන් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතීඥවරු පිරිසක් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී අද (26) මෙම ඉල්ලීම ඉදිරිපත් කළ අතර ඊට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවයි.