නිරායුධ විරෝධතාකරුවකුට මරු කැඳවූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණ දුන් සහ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
අදාළ මරණ සම්බන්ධයෙන් කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිශ්චය කර තිබුණේ වෙඩි ප්‍රහාරයකින් සිදුවූ තුවාල මත එම මරණය සිදුව ඇති බවයි.